රෝද තුනේ කරත්තෙ උඩ
ඉරිඟු කඩල කජු අරගෙන
තල්ලු කරන් නුඹ එනකොට
බෝම දුකයි මගේ හිතට
උදේට පාසල් යනවා
දවල්ට ගෙදරට එනවා
කඩල ටිකක් තම්බාගෙන
උඹ ගෙදරින් පිටවෙනවා
උඹේ වයසෙ පුංචි එවුන්
සෙල්ලම් කරනා යාමෙට
උඹ කරත්තෙ තල්ලු කරන්
පාර දිගේ ඇවිදිනවා
ශිල්ප හොඳින් ඉගෙනගන්න
මලේ නුඹට ටියුෂන් නෑ
උඹ යන මග රැකබලන්න
අම්මා උඹේ පස්සෙන් නෑ
පොත් පත් වැඩ කරගන්නට
උඹට වෙලා තියෙනවාද
පොත්වල වැඩ නොකලොත් හෙම
ටීචර් උඹට බණිනවාද
කරත්තෙ උඹ තල්ලු කරලා
පුංචි දෑත් රිදෙනවාද
මුළු වරුවක් ඇවිදලාම
පුංචි දෙපා රිදෙනවාද
උඹ බිස්නස් ඉවරවෙලා
තව ටිකකින් ගෙදර යාවි
ඒත් හෙටත් මේ යාමෙට
අපි ආයිත් හම්බවේවි
Monday, September 10, 2007
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment