Monday, September 10, 2007

දොළ පීල්ල

දොළ පීල්ල ගාව ගලක
වාඩි වෙලා අපි දවසක්
කතා කලා මට මතකයි
දොළ පාරක් හැබෑවටම
යෞවනයම නේද කියා..
තව දවසක හැන්දෑවක
කතා කලා මට මතකයි
ආදර ජලයෙන් සැනහී
අපි දෙන්නාටම එකවර
නාන්න බැරි වේද කියා..
සඳ පෑයූ එක් රැයකදි
අහස් ග‍ඟේ පීන පීන
කතාකලා මට මතකයි
සඳ තරු ගැන
ඔබ මම ගැන..
අද දොළ ළඟ හරි පාළුයි
නිසල අහස දෙස බලාන
කතා කියන්නට ඔබ නෑ
මම තනි වී දොළ පාරේ..

0 comments:

 
සිනහසෙනු මැන වේදනා පිසදා