Monday, September 10, 2007

කම්කරු ගීය

අහස සිඹින මහ මන්දිර නිමවන අන් සන්තක වූ
අහස පෙනෙන පැල් කෙටයේ වෙසෙමු අපි තුටින්..
අහස සිඹින සිතුම් පොදිය තුරුළු කරන් සිත ඇතුලේ
මහ පොළොවේ සුර ලෝකය සොයමු අපි ඉතින්..

වසන් නොවී පහස ලබා
හාද වෙලා මිතුරුකමට
හිරු දෙවිඳුන් හැමදාමත් පායා එන්නේ..
සියෙත් කැළ ද අහස නැගී
අවදිවන්න කියන ලෙසේ
ජීවිත ගීතයයි වයන්නේ..

දුක හඳුනන ගතේ රැඳුන
දහදිය කඳුලයි අපගේ
මහ මන්දිර නොසැලෙන සේ සවි වඩවන්නේ..
හිතේ මැවෙන මහ මන්දිර
ගතේ සවිය සරි කරගෙන
අපිමයි මේ මහ පොළවේ මවාපාන්නේ..

0 comments:

 
සිනහසෙනු මැන වේදනා පිසදා