Monday, September 10, 2007

උවැසිය

‍ශ්‍රද්ධා කිරි බුබුල
බලා සිටිද්දී අබිමුව
කරුණා සිසිල හමනා
නිල් ඡත්‍රයේ
සෙවණැල්ලෙන් වැසී
කුටියේ වැඩහුන්
උපේක්ෂාවේ
සංකේතය දෙස බලා
දෑත නළලට ගෙන
සියළු කරදර
බිමතබා හිසින්
නැගිටින්නේ
සැහැල්ලු හිසින්

No comments:

 
සිනහසෙනු මැන වේදනා පිසදා