කොහු ඉහිරෙන
ඇතිරිලි නැති
මෙට්ටයක
දෑත් දෙපා විදා
නිදන
සම්කඩ
ඇට කටු
නොසලන
ශරීරය
සිහිනයක පැටලී
පාවෙනා......
පහන් සිලක
ගිනිදැල් අතරින්
සව්දිය පුරන
සුරකුමරියක
දිළිසෙනා.......
මනුකත
ජීවන සුවඳ විඳ විඳ
සුරකුමරියට ආවඩා
මධුවිත
සුරලොවක සැතපෙනා......
Monday, September 10, 2007
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment