Tuesday, October 23, 2007

මල් හසරැලි


හිරු දෙවිඳුනි හෙටත් වඩින්
මේ ලෝකෙට එළිය දෙන්න
කාසි මලක් පුබුදාලා
අපගේ කුස ගිනි නිවන්න

වැව් දිය නොසැලී ඉන්නේ

නෙළුම් කැකුළු පිබිදෙන්නයි
අපි නෙළුවේ නෙළුම් මලේ
රැඳී තියෙන හසරැල්ලයි

සන්සාරෙන් එතරවන්න

තිලෝ තිලක හිමි පුදන්න
මහත්වරුනි හෙටත් එන්න
දරු මුව හසරැලි මැවෙන්න

No comments:

 
සිනහසෙනු මැන වේදනා පිසදා