Friday, April 25, 2008

සන්තාප සංකල්පනා.......


මල් කැකුළු පිපී ගහ කොළ දළුලා
මිලිනව ගිය මල් කොළ බිම දාලා

ඉර මැදියම් වී හවසට බැස යන්නේ

අතීතයට අද එක්කරලා......

හද බැඳුණු ළඳක් පෙම් සොයුරු කැළක් ළඟ

ගෙවුණු කාලයක් ගතවීලා

රස මතක සිතුම් සිත ඉතිරි කරන් අද

සොයුරු කැළක රූ බොඳවීලා......

අග කඳුළු රැඳුන නෙතු දුටුව රුවක් සේ
ඈ සිතුවම් හද බොඳවීලා
නෙතු නොදුටු රුවක් හද නොපැතු ළඳක් ළඟ
මා හදවත ඇත තනිවීලා......


2 comments:

චතුරි අනූකා දොඩම්පෙ said...

නෙතු නොදුටු රුවක් ළඟ, හද නොපැතු ළඳක් ළඟ ඇයි ඔබ හද තනි වූයේ..

Chamila Liyanage said...

නෙතු දුටුව රුවක හද පැතුව ළඳක ළඟ
මා පැතු කුමරිය නොසිටි නිසා
සිහින දූතියන් සුරලොව හිඳුවා
සිහිනෙක සැතපී හිඳිමි මෙ මා.......

 
සිනහසෙනු මැන වේදනා පිසදා