කෝං ගහ මුල වැටුණු කොළ රොඩු
ඇට්ටි මැෂිමක් සඟවලා
වටේටම පිපි පිට්ටු බිම්මල්
පරවෙලා පෙති විසිරිලා
කෝං ගහ ළඟ සෙල්ලමට සැදු
ගෙදර දැන් අබලන් වෙලා
පුංචි වළඳේ ඉදුණු වැලි බත්
පිළුණු වී බිම ඉහිරිලා
කෝං ගහෙ බැඳි අම්බරුවා අද
ඉකිබිඳී ඇස් කඳුළු නොසලා
කැඩුණු උගෙ අං දෙකම ගැලවි
පොල් කටුව බිම වැටීලා
බටපතුරු සුක්කානමක් බැඳ
සැදු කරත්තය කැඩීලා
කැඩුණු එහි සුක්කානමත් රෝදත්
තැනින් තැන ගැලවිලා
සැඳෑයාමෙට ඇසුන ගී පද
අද නැතේ එහි ඇසෙන්නේ
කෝං ගහ අතු ඉහිරිලා ගිය
තනිවෙලා ඉකිබිඳින්නේ...
ඇට්ටි මැෂිමක් සඟවලා
වටේටම පිපි පිට්ටු බිම්මල්
පරවෙලා පෙති විසිරිලා
කෝං ගහ ළඟ සෙල්ලමට සැදු
ගෙදර දැන් අබලන් වෙලා
පුංචි වළඳේ ඉදුණු වැලි බත්
පිළුණු වී බිම ඉහිරිලා
කෝං ගහෙ බැඳි අම්බරුවා අද
ඉකිබිඳී ඇස් කඳුළු නොසලා
කැඩුණු උගෙ අං දෙකම ගැලවි
පොල් කටුව බිම වැටීලා
බටපතුරු සුක්කානමක් බැඳ
සැදු කරත්තය කැඩීලා
කැඩුණු එහි සුක්කානමත් රෝදත්
තැනින් තැන ගැලවිලා
සැඳෑයාමෙට ඇසුන ගී පද
අද නැතේ එහි ඇසෙන්නේ
කෝං ගහ අතු ඉහිරිලා ගිය
තනිවෙලා ඉකිබිඳින්නේ...


No comments:
Post a Comment