Monday, September 10, 2007

ධීවර ගීතය

බෝට්ටුවක පාවෙනා
ජීවිතයක හීන
නිදිවරාමුත් දකින්නේ
දැලේ පැටළුණු
මසුන් පණ කඳ
අඹු දරුන් දිවි රකින්නේ
මූදු ගමනක්
යන්ට කලියෙන්
හීන මාලිග තනන්නේ
මසුනි නුඹ දෙන
පණ කඳින් මම
කෝම මාලිග තනන්නේ
නිදි නොමැති
දෑස් දැක
කරදියත් ඉකිබිඳින්නේ
අඹුදරුන් ලන සුසුම්
මහ මූද ඉකිබිඳින
හෝ හඬින් මට ඇසෙන්නේ
නුඹ මතක් වූ විටෙක
නැහැ පුතුනි
බත් පිඩත් මට ගිලෙන්නේ
මාරියාවේ නුඹ
අද නොවේ හෙට
හඬතලාගෙන වරෙන්නේ....

No comments:

 
සිනහසෙනු මැන වේදනා පිසදා