මල් කැකුළු පිපී ගහ කොළ දළුලා
මිලිනව ගිය මල් කොළ බිම දාලා
ඉර මැදියම් වී හවසට බැස යන්නේ
අතීතයට අද එක්කරලා......
හද බැඳුණු ළඳක් පෙම් සොයුරු කැළක් ළඟ
ගෙවුණු කාලයක් ගතවීලා
රස මතක සිතුම් සිත ඉතිරි කරන් අද
සොයුරු කැළක රූ බොඳවීලා......
ඈ සිතුවම් හද බොඳවීලා
නෙතු නොදුටු රුවක් හද නොපැතු ළඳක් ළඟ
මා හදවත ඇත තනිවීලා......

