සිරි සුබ මංගල දිනයකි සෝබා
කුලගෙට යුවලක් පියනගනා
ජයතු ජයතු ජයමංගල වේවා... ආයුබෝවේවා...
.......... කුමරුන් .......... කුමරිය
අතිනත් අරගෙන පැමිණෙන්නේ...
නෑ සිය මිතුරන් ආසිරි ගී
හද බැතින් ගයා ඔබ පිළිගන්නේ...
ජයමංගලම් වේවා... ආයුබෝවේවා...
එකළු කරන්නට අසිරි වඩන්නට
නිවසට සරසවි කැන්දන්නේ...
තිසරණ සරණින් දෙවි රැකවරණින්
යුග ජීවිතයම සරුවන්නේ...
ජයමංගලම් වේවා... ආයුබෝවේවා...


1 comment:
lassana sinduwak.. puluwannam thawath weddings walata sindu 2,3k liyanna.. good luck..
Post a Comment