සිංහබා... සිංහබා...
මගේ සුරතල් පුතණුවනේ
පුංචි කාලේ මාගෙ තුරුලේ
නැළවු හැටි සිහි වෙනවා
මගේ පුතණුවනේ...
මගේ සිහින ද සොරා ගෙන නුඹ
කූඩුවෙන් ඉගිලිලා
කොහි ද සැඟ වී ගියේ සෙව්වෙමි මා
සිහින යළි මට දී
කූඩුවට ඉගිලෙන්න පුතණුවනේ...
නුඹේ නර ලොව මගේ තිරිසන්කම
නුඹට පැන නම්
මෙත් මුදිතා ගුණ හී සරයට දන් දෙන්නම්
පිතු සෙනෙහේ මියැදී යන්නට
හී සරයක් විදපන්...
(සිංහබාහු නාටකය ඇසුරිනි)
Monday, September 10, 2007
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment