Monday, September 10, 2007

පෙම්බරී

නෙත් අගින් මුදු බැලුම් හෙලනා
සඳක් වන් මුව මඬල දිලෙනා
ලොවේ දුටු ලස්සනම යුවතිය
නුඹයි මගෙ පෙම්බරී..

හදවතින් පිපි සිනා මල නුඹෙ
මුව මඬල මත දකින හැම සඳ
හදවතේ රැඳි නේක දුක්ගිනි
දුරු කරයි හිරු ගණඳුරක් සේ..

බිම බලා යන ලැසි ගමන නුඹෙ
පියකරුයි මා සනසවයි සිත
කොමල බස් ඇති මගේ සොඳුරිය
විටෙක මට බෝ බිය ගෙනේ නුඹ..

0 comments:

 
සිනහසෙනු මැන වේදනා පිසදා