Monday, September 10, 2007

ජීවිතය යැදීම

කිහිළිකරු වාරුවෙන්
දුම්රියෙන් දුම්රියට
ජීවිතේ ඇදන් යන
මැරෙන බව අමතක ව
කවුළුවෙන් දුර ඈත
බලා නො බලා සිටින
දනන්ගේ ලඟට යන
මැරෙන බව සිහි කරන
සබඳ ඔබටත්
මට සේම ඇති පැටව්
රස කැවිලි ගෙනෙන තෙක්
නෙත් අයාගෙන සිටින
මට සේම ඇති පියඹු
ජීවිතේ කියන්නට
මඟ බලා ගෙන සිටින
දමමි මම කාසියක්
හිරි කැටි කොට පාන දෑතට
ඇති නිසා නොවේ මට
සබඳ ඔබ යදින්නේ
ජීවිතය නිසා...

2 comments:

හේමරාජි ගුණසේකර said...

මේ නිර්මාණය කියවන විට පුදුම සසල වීමක් දැනෙනවා. ඒ තරමට ම සංවේදී බව ඇති වන විදියට ඔබ මෙහි වචන ගලපා තිබෙනවා. ඇත්තට ම ඔබගේ නිර්මාණ ඉතාමත් අනර්ඝයි !

Chamila Liyanage said...

පැසසුමට තුති. මා එම අද්දැකීම කියා පෑමට වචන ගැලපීම පමණයි කරන ලද්දේ. එය විචාරීම හෝ විඳීම පාඨක ඔබට බාරයි.

ජය..!

 
සිනහසෙනු මැන වේදනා පිසදා