Sunday, July 14, 2013

සෙබළ වත

හිරු කිරණ සඳ කිරණ
දිවා රෑ නිති දොවන
ගොම පොළොව පිය ලකුණු
නුඹෙ මතක සිහි ගෙනෙන

වැහි අඳුර ගලන සඳ
ඉහත්තාවට උඩින්
පියස්සක හැඬු කඳුළු
වළං කටු උතුරවන

ගෙපිල ඇඳ වැතිරි ගත
දිරන බව සිහිකරන
හීන් කෙඳිරිලි හඬක්
විටින් විට කන වැකෙන

ගිනිහලේ බංකුවක
ඈ නිතින් සුසුම් ලන
බොඳව ගිය ඇගෙ දෙනෙත්
වැට කඩුල්ලේ රැඳුණ

කැඩපතක පිළිබිඹුව
අක්බමරු පිරිමදින
ඈ පාළු දෙසවනට
මල් ගසා හැඩ බලන

සේ රූව බිත්තියක
අඩමානයට සිටින
මද සිනාවකුදු නැත
අභිමාන මුව රැඳුණ

No comments:

 
සිනහසෙනු මැන වේදනා පිසදා