Thursday, July 25, 2013

පමාවක අමාවක්

සිත් නිවන මෙත් සිසිල් හද සරින අමතා
දුක් තැවුල් සන්තාප හද සැණින නෙරපා
කෙළි කවටකම් පෑව මා සිතම සනසා
සිසුවියයි ළබැඳියයි ඈ මගේ රසිකා

ආල අනුරා බැලුම් නැතේ මා වින්දේ
ආල හැඟුමින් නිබඳ නුඹට පද බැන්දේ
කෝල මුදු සිනාවට සිත සතුට වින්දේ
මාල හත පළඳන්න පැතුම් පොදි බැන්දේ

කලාවක සව් සපිරි රූ සිරින් සොබනා
දයාවක මුදු සිහිල හද සපිරි සොඳිනා
අමාවක පුරහඳට හදින් පෙම් බැඳුණා
පමාවක නියා දැක සඳත් ඉකි බිඳිනා

No comments:

 
සිනහසෙනු මැන වේදනා පිසදා