Monday, September 10, 2007

ගං වතුර

හීල්ලුම් හඬ දසත රැව් දී
කැඩුණු නිවසක වහලෙ සිරවී

උදම් ඇනුමට පාරු සැදිලා
කොලු කුරුට්ටන් පාරු නැගිලා

ගැටව් සැවොමත් එකට එක්වී
කරදරෙන් සැම එගොඩ කරවී

පුංචි දරුවන් කිහිළිගන්වා
අම්මලා හැම දෙනෙත් දල්වා

ගොවි දනන් පණ කඳ ගිලන්වී
කුප්පි ඇතුලේ සෙමින් සැඟවී

බස් මොටෝ රිය ගමන් ගන්නා
බෝට්ටුත් මහ පාරෙ යන්නා

ගසා යන ජීවිතය ඉල්ලා
යදින මහ හඬ ඈත ඇසෙනා

No comments:

 
සිනහසෙනු මැන වේදනා පිසදා