මායිමේ වැට අයිනෙ
පිපුණු පොඩි මල් කැකුළු
මහ හඬින් තිගැස්සී
බියවෙලා ඇකිලිලා
හමාආ සැඩ සුළඟ
ඒ පුංචි මල් කැකුළු
නටුවලින් ගලවලා
ඈතටම ගෙනගියා
වැට අයිනෙ වැටීගිය
සිය ගණන් මල්වඩම්
හිස් පතුරමක් ගැන
කතාවක් කියනවා
වෙඩි වැදුණු පරෙවියෙක්
වැට අයිනෙ බිම වැටී
මහ පොළොව සිඹගෙන
ජීවිතේ යදිනවා
Monday, September 10, 2007
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment