Monday, September 10, 2007

සෙබළ බිරියකගේ සිතිවිල්ල

මුළු ලෝකය හාද වෙලා යහනේ නිදි දුව එක්කලා
එනමුදු ඈ තරහ වෙලා සිතට හාද මා එක්කලා

සිත එක්කලා හාද වුනේ මගේ හිමිට තනි රකින්න
නුඹ තනි නෑ මා හිමියනි මගෙ හිත ඇති නුඹ ළඟින්ම

තරහ වුනේ රට රකින්න යහනේ නිදි දුව එක්කලා
නුඹ නිසානෙ හාද වුනේ ලෝකය නිදි දුව එක්කලා

ගෙදර රකින හිමි කියන්නෙ මුළු ගෙදරට රන් පහනක්
නුඹ රකින්නෙ මුළු රටක්නෙ නුඹ රටටම මිණි පහනක්

මේඝයිනේ වහිනු එපා රට රකිනා හිමි තෙමන්න
තුරු රජි‍ඳේ වැස්සොත් හෙම මගේ හිමිට සෙවණ දෙන්න

රැහැයියනේ අඬනු එපා පොඩි එවුන්ට හිනා වෙන්න
කුරුල්ලනේ අවදි වන්න ගී ගයන්න රෑ ගෙවෙන්න

හෙට සාමයෙ මල් අරගෙන පාන්දරින් හිරු වඩීවි
නුඹ නාඩන් පුතණුවනේ තාත්තා හෙට ගෙදර ඒවි

0 comments:

 
සිනහසෙනු මැන වේදනා පිසදා