නුවන් යුග පහන් කර අවිදු ගනඳුර නසා
නිවන් පුර වඩින මග දෙසූ බුදු සමිඳුනි
සතුන් වෙත පතළ මහ කුළුණු මෙත් පාලා
දහම් පද දෙසන්නට වඩිනු මැන වඩිනු මැන
සරාගී රුපුන් දූ තිදෙන ඔබ පරදා
උතුම් වූ බුදු පදවි ලැබ තිලොව දිනලා
එවන් වූ විකුම් පෑ මගේ බුදු සමිඳුනි
දහම් පද දෙසන්නට වඩිනු මැන වඩිනු මැන
සෝපාක ගෝතමී පටාචාරාලා
නෙත් අයා ඉඳී තව වඩිනතුරු සමිඳුනි
ඔවුන් හද රැඳී දුක් ශෝක ගිනි නිවලා
දහම් පද දෙසන්නට වඩිනු මැන වඩිනු මැන
නිවන් පුර වඩින මග දෙසූ බුදු සමිඳුනි
සතුන් වෙත පතළ මහ කුළුණු මෙත් පාලා
දහම් පද දෙසන්නට වඩිනු මැන වඩිනු මැන
සරාගී රුපුන් දූ තිදෙන ඔබ පරදා
උතුම් වූ බුදු පදවි ලැබ තිලොව දිනලා
එවන් වූ විකුම් පෑ මගේ බුදු සමිඳුනි
දහම් පද දෙසන්නට වඩිනු මැන වඩිනු මැන
සෝපාක ගෝතමී පටාචාරාලා
නෙත් අයා ඉඳී තව වඩිනතුරු සමිඳුනි
ඔවුන් හද රැඳී දුක් ශෝක ගිනි නිවලා
දහම් පද දෙසන්නට වඩිනු මැන වඩිනු මැන


2 comments:
සෝපාක,ගොතමී,පාටාචාරාවන්ට
පින් මදයි මේ දහම් දිවයිනේ...
දැවෙන දුක කියන්නට
දම් පහස විදින්නට
නිවන් සුව ලබන්නට
නෙත් අයා බලා සිටිනා නමුත්
වඩී දෝ අපේ බුදු පියාණන් මේ භවේ ?
නෙතින් බුදු හිමියන් දකින්නට
පින් නැතේ අප සැම කලේ..
සිතින් බුදු හිමියන් දකින්නට
පිහිට වේවිද දම් පදේ..
Post a Comment